Sunday, December 25, 2016

How to open multiple accounts in one browser (with android )

ඔන්න තවත් පට්ටම වැඩක් අරන් ආවා.ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මගින් එකම වෙබ් බ්‍රව්සරයක් මගින් එකවර එකවුන්ට් දෙකකට ලොග් වෙන්නෙ කොහොමද කියල තමයි අපි මේ ලිපියෙන් කියල දෙන්නෙ.සාමාන්‍යයෙන් ෆේස්බුක් එකවුන්ට් කිහිපෙකට ලොග්වෙන්න භාවිතා කරන විවිධ ඇප් ඔබ භාවිතා කරනවානෙ.clone app.multiple app එහෙම නැත්නම් facebook multicolor වගේ ඇප්නෙ ඔබ භාවිතා කරන්නෙ.නමුත් ඔබ හිතුවද මොහොතක් හෝ එම ඇප් මගින් ඔබේ දුරකතනයට ඔරොත්තු දීමේ හැකියාව ගැන.උදාහරනයකට multiple accounts app එක ගමු.ඔයාගෙ ෆේස්බුක්  ඇප් එකේ ඩේට ක්ලියර් නොකොලත් facebook App එකට 500mb වලටත් වැඩි ප්‍රමානයක් අල්ලනවානෙ ඉතින් multiple app එකකින් එකවුන්ට් කිහිපෙකට ලොග් වුනොත් , හිතමු එකවුන් 4ක් කියල එතකොට ඒ 4ට විතරක් 2gb විතර මතකයක් ඔබේ දුරකථනය මගින් ලබාගන්නවා.ඒ වගේම රැම් ධාරිතාවෙනුත් බොහෝ ඉඩ ප්‍රමානයක් ගන්නවානෙ.lite ඇප් එකට යන ඉඩ ප්‍රමානය තරමක් අඩුවුනත් එයටත් ඇප් 3-4ක් භවිතා කිරීමෙන් රැම් ධාරිතාව සැලකිය යුතු ප්‍රමානයක් වැයවෙනව.සාමාන්‍යයෙන්  අපි දුරකථනය මගින් යම් අවශ්‍ය තාවයක් සපුරාගත යුත්තේ ඉතා අඩු මතක ප්‍රමානයක් හා ඉතා අඩු රැම්ධාරිතාවක් වැයවෙන ආකාරයටයි.එකම ඇප් එකක් මගින් විවිධ අවශ්‍යතා සපුරාගත හැකිව තිබියදීත් ඒ ඒ අවශ්‍යතා වෙනුවෙන් විවිධ ඇප් භාවිතා කිරීම නුවනට හුරු නොවේ.යම් ඇප් එකක් මගින් විශාල රැම් ධාරිතාවක් වැයකරගන්නේ නම් ඔබේ දුරකතනයේ වේගය බොහෝ සෙයින් අඩාල වීමට එය හේතුවක්වේවි.

දැන් ඔබට මා කියා දෙන්නම් ඔයාගෙ දුරකථනය තුල ඇති වෙබ් බ්‍රව්සරය මගින් ඕනම එකවුන්ට් දෙකකට වැඩි ප්‍රමානයකට ප්‍රවෙශ වන්නේ කියල.මෙය facebook ,twitter,youtube,blog ආදී ඕනම එකවුන්ට් වර්ගයකට ඔබට අත්හදා බැලිය හැකියි.මේ සඳහා uc browser යොදාගැනීම වඩාත් සාර්ථක වේ.ඊට හේතුව uc browser මගින් tab අතර වඩාත් පහසුවෙන් හුවමාරු වීමට ඇතිහැකියාවයි.වෙනත් browser මගින්ද මෙම ක්‍රමයට එකවුන්ට් කිහිපයකට ලොග් විය හැකියි.

හරි මුලින්ම සාමාන්‍යය විදියට ඔයාගෙ ෆේස්බුක් account එකට ලොග් වෙන්න.ඊගාවට වෙන ටැබ් එකක් open කරගෙන පහල ලින්ක් එකට යන්න.ඒකෙ us server කියන එක උඩ ක්ලික් කරල කැමති එකක් තෝරල දෙන්න.ඊට පස්සෙ ඔයාට ඕන වෙනත් facebook account එකකට ලොග් වෙන්නනම් facebook.com ගහල go ක්ලික් කරල ඔයාගෙ අනෙක් එකවුන්ට් එකේ email , password දීල ලොග්වෙන්න.




GO TO THE OTHER ACCOUNT LOGIN








හරි මම ඔයාලට තවත් ක්‍රමයක් කියල දෙන්නම්.හැබැයි මේ ක්‍රමය opera mini web browser එක භාවිතා කරන අයට විතරයි ඔයාගෙ ඔපෙරා මිනි browser එක මගින් facebook වෙත සාමාන්‍ය පරිදි ලොග් වෙලා facebook එකේ home button එකමත ටච්(clike) කරගෙන ඉඳියාම එන වින්ඩෝස් එකේ" ප්‍රයිවට නිව් ටැබ්(private new tab)" එක ක්ලික් කරන්න.ඒ ටැබ් එකට ගිහින් ඔයාගෙ අනෙක් එකවුන්ට් එක භාවිතා කරන්න ඔයාලටපුලුවන්.







මෙම ක්‍රම මගින් facebook එකවුන්ට් කිහිපයකට ලොග් වීමේදී ඔබට පහත වාසි හිමිවේ


# ඇප් දෙක තුනක් භාවිතා කිරීමට අවශ්‍ය නොවන නිසා අධික රැම් ධාරිතාවක් ඉතිරිකරගත හැකිය.

# එම නිසාම internal memory යෙහි විශාල ඉඩක් ඉතිරි වේ.

# ෆේස්බුක් ගිණුම් අතර හුවමාරු වීමට ඇප් එකෙන් ඉවත්විමට හා තවත් ඇප් එකකට ලොග්වීමට අවශ්‍ය නොවේ.

# ගිණුම් අතර ක්ෂණිකව හුවමාරු වීමට හැකිනිසා කාලයද ඉතිරිවේ.

# රැම් හා මතක ධාරිතාවය අවම නිසා ඉතාහොඳ වේගයක් දුරකථනයට ලැබේ.


ඉතින් ඔයාලට මේ ලිපියෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන්න ඇතිකියල හිතෙනවා.මේ ලිපිය හොඳයි කියල ඔබට හිතෙනවනම් ඔයාගෙ හිතට නැගෙන අදහස පහලින් comment කරල යන්න අමතක කරන්න එපා.

(script) Auto Poke Facebook Friends Via Mobile

ඇන්ඩ්‍රොයිඩ් එකෙන් යාලුවො ඔක්කොටම එකපාර poke කරන්නෙ මෙහෙමයි.

පහුගිය ලිපි මාලාවකින්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතයෙන් සිදුකලහැකි facebook triks කිහිපයක්ම දුන්න මතක ඇති නේද.අද අපේ ලිපියෙන් කියලදෙන්න යන්නෙත් තවත් facebook triksbඑකක්ම තමයි.මේ ට්‍රික්ස් එකත් computer මගින් කල හැකි ආකාරය බොහෝ අය දැන සිටියත් ඇන්ඩ්‍රොයිඩ් එකෙන් කරන විදිය කරන්න දන්නෙ නෑනෙ.facebook එකේ තියෙන poke කියන option එක ගැන ව්ස්තර කරන්න වුවමනාවක් නෑ නෙ.ඇත්තටම මේකෙන් කරන්නෙ අපේ ඉන්න යාලුවන්ට ඇඟිල්ලෙන් අනිනවා , පිටට පොඩි තට්ටුවක් දානව වගේ වැඩක්.සාමාන්‍යයෙන් poke කිරීම ඉන්න යාලුවො ඔක්කොටම එක පාර කරන්න බෑ.අපි කියල දෙන්නම් යාලුවො ඔක්කොටම එක පාර poke කරන විදිය.මේකට වුවමනාවෙන්නෙ කලින් අපි භාවිතා කරපු වෙබ් බ්‍රව්සරය ම තමා.එහෙනම් පහල සඳහන් කරන පිලිවෙලට කරන්නකෝ.


පියවර අංක 01


පියවර අංක 02

වෙබ් බ්‍රව්සරය  විවෘත කරගෙන  facebook desktop වෙත ප්‍රවේශ වන්න.

පියවර අංක 03

# java script # ↩ මෙතනින් ගිහින් ජාවාස්ක්‍රිප්ට්(java script) එක කොපි (copy) කරගෙන web browser එකේ උඩ ඇති url එකට පේස්ට්(paste) කර run/go කරන්න.


පියවර  අංක 04

දැන් මෙහෙම එයි.ok දෙන්න






දැන් ආයෙත් okකරන්න.




Active log එකට ගිහින් බලන්නකොදැක්කනෙ  සෙට් එකටම poke එක  වැදුන හැටි.










 ඉතින්  මේ ලිපියෙන් ඔයාල අලුත් දෙයක් ඉගෙන ගත්තානම්   comment එකකින්  ගුණ අගුණ  කියල යන්න අමතක කරන්න එපා.ස්තූතියි නැවත එන්න

Wednesday, December 14, 2016

HOW TO ADD ALL MEMBERS TO A GROUP VIA MOBILE

06වෙනි ලිපිය ලියවෙන්නෙ Facebook GROUP  කරන යාලුවො වෙනුවෙන්.මේ ලිපියෙන් අපි කියල දෙන්න යන්නෙ පරිගණකයක් අධාර කර නොගෙන ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන්ම කොහොමද Facebook Group එකකට ඉන්න යාලුවො ඔක්කොම එකපාර ඇඩ් කරගන්න විදිය ගැන.
                හරි මේකටත් ඕන කරන්නෙ පේජ් එකට යාලුවො ඇඩ් කරන්න අපි භාවිතා කරපු වෙබ් බ්‍රව්සරය ම තමා.ඔන්න පහලින් ලින්ක් එක දාන්නම් ඒක දැනටමත් ඔයාලගෙ පෝන් එකේ තියේනම් ආයෙ ඕන නෑ හොඳේ.


#  CLIKE HERE web browser download



හරි දැන් කරන්න තියෙන්නෙ පිලිවෙලට මෙම පියවරයන් අනුගමනය කරන්න.සහයට පින්තූර බලන්න.

පලමු පියවර

මම පහලින් දෙන ලින්ක් එකට ගිහින් තප්පර 5ක් බලා ඉඳල දකුණු පැත්තෙ ඉහල කෙලවරේ කහපාටින් දිස්වෙන skip add මත එක්වරක් ක්ලික් කරන්න.ඊට පස්සෙ එන පිටුවෙ දිස්වෙන ජාවා ස්ක්‍රිප්ට්(java script) කොපි කරල ඔයාල ගත්ත browser එකේ new book mark එකේ ලින්ක් එක වෙනුවට ඒක දාන්න.book mark name එකට group invite(400) කියල දෙන්න..දැන් book mark save කරගන්න..


java script එක ගන්න මෙතන ක්ලික් කරන්න

දෙවන පියවර

ඊට පස්සෙ ඔයා ඒ browser එක මගින් facebook එකට ගිහින් ඔයාට යාලුවො ඇඩ් කරගන්න ඕන group එකට ගිහින් add members මත ක්ලික් කරන්න.එතකොට



තුන්වන පියවර 

Add member ක්ලික් කරාම  ව්න්ඩෝස් එකක් එයි.ඒක එහෙම්මම තියාගෙන ඔයාල book mark කරපු එක දැන් විවෘත කරන්න.
තප්පර කීපෙකින් යාලුවො ඔක්කොම ඔයාගෙ group එකට ජොයින් වෙලා තියේවි.
ආසයිනෙ.

HOW TO INVITE ALL YOUR FRIENDS TO LIKE YOUR PAGE

අපි මේ ලිපියෙන් කියල දෙන්නෙ කොහොමද ඔයාලගෙ facebook fan pageඑකට ඔයාගෙ යාලුවො ඔක්කොටම එකපාර ඉන්වයිට් කරන්නෙ කියල.මේ වැඩේ පරිගණකයක් මගින් කරන විදිය නම් ගොඩක් අය දන්නවා ඇති.ඒත් ඉතින් පේජ් කරන හැමෝම පරිගණක තියෙන අය නෙවෙයිනෙ.ඒක නිසා මම හිතනවා ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියල.ඇත්තටම මේකත් ගොඩක් පහසු හා සරල ක්‍රමයක්.කිසි ගැටලුවකින් තොරව සරල පියවර කිහිපයකින් සාර්ථක ව කරන්න පුලුවන් වැඩක්.හරි එහෙනම් අපි පටන් පියවරෙන් පියවර

පලමු පියවර

මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් මේ web browser එක ඩවුන්ලෝඩ් කරගන්න.පසුව එහි desktop වර්ශන් එකෙන් facebook  වෙත පිවිසෙන්න.


දෙවන පියවර

දැන් add to book mark වෙත යන්න .එහි name කියන එකට 'page invite' කියල යොදන්න.location කියන තැනට පහලින් මම දෙන script එක copy කරල paste කරන්න.දැන් bookmark එක save කරල තියාගන්න.


තුන්වෙනි පියවර

දැන් ඔබ ඉන්වයිට් කරන්න ඕන page එකට පිවිසෙන්න.එහි ඇති 'invited friends to like this page' යන මෙනුවමත ක්ලික් කරන්න.එවිට ඔබේ මිතුරු ලැයිස්තුව screen මත දිස්වේවි


සිව්වෙනි පියවර.

දැන් එය එලෙසෙම තියාගෙන browser එකේ මෙනුවට පිවිස ඔබ bookmark කරගත් page invite කියන එක මත ක්ලික් කරන්න.මොහොතකින් සියලුදෙනාට invited යැවී අවසන් වනු ඇති.

වැඩි දුර අධ්‍යනය සඳහා පහල පින්තූර බලන්න.







  1. ලින්ක් වෙත පිවිසීමේදී ලින්ක් මත ක්ලික් කිරීමෙන් එන පිටුවේ තප්පර5ක් රැඳීසිට ඉහල දකුණුපස කෙලවරේ දිස්වන skipadd මත එක්වරක් පමණක් ක්ලික් කරන්න.
  2. ලිපිය පිලිබඳ ඔබගේ යෝජනා චෝදනා අදහස් පහත කොමෙන්ට් තුල සඳහන් කිරීමට අමතක නොකරන්න.
  3. අපේ facebook fan page එකටත් මෙතනින් ලයික් එකක් දාන්න ↪ ↪↪ ඇන්ඩ්‍රොයිඩ් ගුරු FACEBOOK PAGE

how to add block unroot device

එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවේවා,
                                                                       ඔන්න අපේ සිව්වෙනි ලිපිය , හරි මේක ඉතින් ගොඩක් වැදගත් වේවි අපේ යාලුවන්ට.අපි අද මේ ලිපියෙන් ඔයාලට දෙන්නෙ addguard එකක්.එක එක third part ඇප් ඩවුන්ලෝඩ් කරගත්තාම වෙනවැඩක් කරගන්න බැරිවෙන්නම අපේ screen එක පුරාම ඇඩ් වැටෙන එක නවත්වන්න පුලුවන් ඇප් එකක් තමයි මේක.මේක විශේෂය තමයි රූට් නොකරපු ඇන්ඩ්‍රොයිඩ් පෝන්වලටත් 100% ක් වැඩ කිරීම. එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.

(පහල ලින්ක් එක ක්ලික් කර තප්පර5ක් රැඳීසිට දකුණුපස ඉහල කෙලවරේ කහපැහැයෙන් දිස්වන skipadd මත එක්වරක් ක්ලික් කරන්න)


Advantages-වාසි

Easy setup
Blocks ads and trackers on websites and within apps
Parental control options
Protects against phishing
Works on every device – no root required!

Disadvantages-අවාසි

Uses more battery life / resources
Can’t be used together with browser compression services
Can’t block content on https sites





                        

Monday, December 12, 2016

how to facebook timeline clear with android

මේ අපේ තුන්වෙනි ලිපිය.මේකත් facebook triks එකක්.ෆේස්බුක්  එකේ timeline එක පරිගණකයක් ආධාර කර නොගෙන, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මගින්ම clear කරගන්න විදිය ගැන තමයි කියන්න යන්නෙ.ඔබට මතක ඇති අපේ පලවෙනි ලිපියෙන් කියල දුන්න කොහමද facebook friend සියල්ල ඉවත් කරන්නෙ කියල.ඉතින් මේක කරන්නත් ඔයාලට වුවමනා වෙනවා මෙන්න මේ ඇප් දෙක

# dolphin browser හෝ uc browser (2න් 1ක්)

# dolphin tempermonkey addon හෝ uc tempermonkey addon (browser එකට අදාල tempermonkey addon එක)

හරි මේ දෙක මුලින් ම දුරකථනය තුල ඉන්ස්ටෝල් කරගන්න.පසුව.browser එක මගින් ෆේස්බුක් එකට ලොග් වන්න.(සැලකිය යුතුයි : මෙය ක්‍රියාත්මක වීමට නම් ඔබේ ෆේස්බුක් profile එක ඩෙස්ක්ටොප් mode එකේ තිබිය යුතුයි.ඩොල්පින් browser එකේනම් මේ සඳහා මෙනුව තුල ඇති desktop යන්න ක්ලික් කිරිමෙන් මේ සඳහා පිවිසිය හැකියි.)

දැන් මෙම පියවර අනුගමනය කරන්න.ඔබ ඉන්ස්ටෝල් කරගත් බ්‍රව්සරය මගින් පහත ලින්ක් එකට පිවිස තප්පර5ක් රැඳීසිට ඉහල දකුණු පස කෙලවරේ කහපාටින් දිස්වන skip add මත ක්ලික් කර පසුව ඔබට දිස්වන පිටුවේ ඉන්ස්ටෝල් යන්න ක්ලික් කර java script එක ඉන්ස්ටෝල් කරන්න..පහත රූප සටහන් බලන්න.

insall java script clike here




හරි දැන් ෆේස්බුක් profile menu එකට ගොස් activity log මෙනුවට පිවිසෙන්න.දැන් පහත රූප සටහන් අනුව time line එක clean කරගන්න.





එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් ආයෙ හමුවෙමු.මේ පෝස්ට් එක හොඳයිනම් කොමෙන්ට් එකක් දාන්න හොඳේ.ජයවේවා.

Sunday, December 11, 2016

how to sent friend request cancel

හායි යාළුවනේ කොහොමද ඉතින් , අපි අද කියල දෙන්න යන්නෙ ඔයාල facebook එකේ යවපු friend request ඔවුන් විසින් accept කර නොමැතිනම් එම request cancel කරන විදිය.ඔයාල යවන request accept නොකර ගොඩක් එකතුවෙන විට ඔයාලගෙ ෆේස්බුක් ගිණුම ෆේස්බුක් ආයතනය විසින්ම බ්ලොක් කරන්න කටයුතු කරනවා.ඊට හේතුව වන්නේ ඔබ විසින් නොහඳුනන අය වෙත මිතුරු ඇරයුම් කිරිම facebook නීතිය අනුව වරදක් වන නිසා.ඉතින් ඔයා යවන request ,accept  නොකරන්නේ නම් ඔබ විසින් එම request cancel කිරීමෙන් ඔබේ ගිණුම block වීම වලක්වා ගන්නට උපකාරී වේවි.

හරි ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාගෙ වෙබ් බ්‍රව්සරය මගින් පලමුව සාමාන්‍ය පරිදි facebook ගිණුමට සම්බන්ධ වීමයි.පසුව මම පහලින් දෙන ලින්ක් එක clike කර එන පිටුවේ තප්පර 5ක් රැඳීසිට ඉහල දකුණු කෙලවරේ එන කහපාටින් දිස්වන skip add මත ක්ලික් කිරීම පමණයි .





# clike here script sent request cancel

Tuesday, October 11, 2016

facebook all friend delete one clike with android ( with out pc)

සුබ දවසක් හැමෝටම,
                          ඇන්ඩ්‍රොයිඩ් ගුරු මගින් අපි අද කියල දෙන්න යන්නෙ facebook එකේ සියලුම මිතුරන් unfriend කරන විදිය.සාමාන්‍යයෙන් පරිගණකයක් මගින් මේක කරන විදිය නම් ගොඩක් අය දන්නවානෙ .නමුත් අපි කියන්නෙ මේක ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම කරගන්න විදිය ගැන.බය වෙන්න දෙයක් නෑ බොහොම පොඩි වැඩයි කරන්න තියෙන්නෙ.හැබැයි මේක කරන්න අපට ඕන වෙනවා ඇප් දෙකක් පහලින් ඒ ඇප් දෙක බාගන්නකෝ
  
     




              (මේ සඳහා uc browser හෝ ඊට අදාල tempermonkey addon එක බාගැනීමෙන්ද සිදුකල හැකියි.නමුත් ඩොල්පින් බ්‍රව්සරය මගින් කිරීම වඩාත් පහසුවේ)

හරි දැන් ඊලඟ පියවර බලමු.පහල ලින්ක් එකට ගිහින් තප්පර 5ක් රැඳී සිටි පසුව ඉහල කෙලවරේ කහපාටින් දිස්වන skip add මත ක්ලික් කරන්න.පසුව පහත රූපයේ දිස්වන ආකාරයට පිටුවක් දිස්වන අතර එහි සඳහන් insall යන්න මත ක්ලික් කර ජාවා ස්ක්‍රිප්ට් එක ඉන්ස්ටෝල් කරගන්න

get java script



එය ඉන්ස්ටෝල් කරගත් පසුව නැවත ඩොල්පින් බ්‍රව්සරය වෙත පැමිණ බ්‍රව්සරය මගින් facebook account එකට ලොග් වන්න ලොග් වීමට ප්‍රථමයෙන් ඉහල search bar එකට දකුණු පසින් ඇති අයිකනය ක්ලික් කර desktop mode එකට මාරුවෙන්න.එවිට ඔබේ ෆේස්බුක් ගිණුම පරිගණකයක් මගින් ලොග්වූ ආකාරයට දිස්වනු ඇති.දැන් ෆේස්බුක් profile එකට යන්න.දැන් friend මෙනුවට පිවිස බලන්න.all select friend සහ select delete friend  යනුවෙන් අයිකන් දෙකක් දිස්වේවි.එමගින් මිතුරන් සියල්ලම හෝ තෝරාගත් පිරිසක් එකවර delete කර දැමිය හැකියි.සහාය සඳහා පහත පින්තූර බලන්න




හරි දැන් පැහැදිලිනෙ  කොහොමද ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම මිතුරන් සියල්ල unfriend කරන්නෙ කොහොමද කියල.මෙම ක්‍රමය මගින් එකවර මිතුරන් දෙදහසක් පමණ select කර ඉවත් කල හැකියි.ඔබ මතක තබා යුතුයි ඉහතින් ලබාදී ඇති java script එක ඔපන් කිරීම කල යුත්තේ uc browser හෝ ඩොල්පින් බ්‍රව්සරය මගින් පමණක් බව.එසේම ඔබ මේ  ක්‍රියාව කරන බ්‍රව්සරය මේ දෙකෙන් කුමක් වුවත් ඊට අදාල වන tempermonkey addon එකත් ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි.මා විසින් ලින්ක් ලබා දී ඇත්තේ ඩොල්පින් බ්‍රව්සරය හා ඊට අදාල addon එක පමණයි.uc browser එක මගින් සිදුකරන්නේ නම් uc tempermonkey යන addon එක ප්ලේස්ටෝරිය මගින් ලබා ගන්න 
ඔයාලට මොකක් හරි ගැටලුවක් තියේනම් පහලින් කොමෙන්ට් කරන්න .පෝස්ට් එක හොඳයිනම් කොමෙන්ට් එකකින් ප්‍රතිචාරයක් දක්වන්නත් අමතක කරන්න එපා 
ඔයාල ට බුදුසරණයි.ජයෙන් ජය